මොනරාගල ජීලෝන් කඳුවැටියේ ඊයේ (27දා) රාත්‍රියේ සිට ඇවිලෙමින් පවතින ගින්නෙන් කඳු වැටියේ විශාල ප්‍රමාණයක් විනාශවී ගොස් ඇතැයි ආපදා කලමනාකාර ඒකකයේ මොනරාගල සහකාර අධ්‍යක්ෂක ඒ.එච් රවීන්ද්‍ර කුමාර මහතා පැවසීය.
දැඩි ආරක්ෂිත ප්‍රදේශයක් වන ජීලෝන් කඳුවැටියේ ඉහළ කොටසේ මෙම ගින්න හටගෙන ඇති අතර කුඹුක්කන යුදහමුදා කඳවුරේ නිලධාරීන් මොනරාගල ප්‍රාදේශීය සභාවේ ගිනිනිවීමේ ඒකකයේ නිලධාරීන් සමඟ එක්ව රාත්‍රියේම ගින්න නිවාදැමීමට උත්සාහ කළත් නොහැකි විය.
ජීලෝන් කඳුවැටියට පිවිසෙන කොලොන්වින්න,කවුඩාව,අලියාවත්ත සහ ගලබැද්ද යන ප්‍රදේශ වලින් ශ්‍රීලංකා යුදහමුදාව,වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව සහ මොනරාගල ප්‍රාදේශීය සභාවේ ගිනිනිවීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක් ගින්නනිවීම සඳහා අදාල ප්‍රදේශයට පිටත්කර යවා ඇත.
කඳුවැටියේ ගිනිගන්නා ප්‍රදේශයේ පවතින සුළං තත්වය මත ගින්න පැතිරීයාම වේගයෙන් සිදුවන බවත් කෙසේ හෝ ගින්න නිවාදැමීමට කටයුතු කරන බවත් සහකාර අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
මොනරාගල නගරයට පානීය ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍ර ආරම්භවන්නේ මෙම කඳුවැටියෙනි.
සතුන් දඩයම්කිරීමේ අරමුණෙන් කඳුවැටියේ පහළ කොටසේ ජීවත්වන පිරිස් කඳුවැටියට මෙසේ ගිනිතබන්නට ඇති බවට විශ්වාස කරයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක

