ආයුර්වේද ඖෂධ සංස්ථාවට අයත් මොනරාගල ආයුර්වේද ඔසුසැලේ රුපියල් දහතුන්ලක්ෂ පනස්දෙදහස් හයසියහතළිස් නවයයි සත හැත්තෑපහක මුදල් වංචාවක් සිදුවී ඇති බවට මොනරාගල කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශයට ඉකුත් (01) වෙනිදා පැමිණිල්ලක් ලැබී ඇත.
ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ සහකාර කොමසාරිස්වරයෙකු ඒ පිළිබඳව පැමිණිල්ලක් කරමින් ආයුර්වේද ඔසුසැලේ මොනරාගල ස්ථාන භාර නිලධාරීවරයා විසින් ඖෂධ අලෙවිකොට ලබාගන්නා මුදල් කාලයක සිට නියමිත පරිදි රාජ්ය ආයුර්වේද ඖෂධ සංස්ථාවට නොගෙවා අදාල මුදල වංචා සහගත ලෙස ලබාගෙන ඇති බව පැමිණිල්ලේ සඳහන්කර තිබේ.
මොනරාගල කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති විල්ෆ්රඩ් සිල්වා මහතා පරීක්ෂණ පවත්වයි.
මොණරාගල සුමනසිරි ගුණතිලක