මොනරාගලට නොවැස්සොත් මහ කන්නය ගැටලුවක
මොනරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් මොනරාගල වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාසයේ වැව් අමුණු බොහොමයක ජල මට්ටම තවදුරටත් පහළ ගොස් ඇතැයි මොනරාගල වාරිමාර්ග ඉංජිනේරු බී.සුබරාජ් මහතා (04) වෙනිදා පැවසීය
මේ වන විට ඇතිමලේ,කොටියාගල,මාලිගාවිල සද්ධාතිස්ස යන වැව් වල ජල මට්ටම ඉතාමත් අඩුවී තිබේ.
ඇතිමලේ වැවේ අක්කර අඩි 5,510 ධාරිතාවකින් යුක්ත වුවත් දැනට පවතින්නේ අක්කර අඩි 898 පමණි.කොටියාගල වැවේ අක්කර අඩි 2,116 ධාරිතාවෙන් දැනට ඇත්තේ අක්කර අඩි 100 පමණි.බුත්තල අමුණ,කුඹුක්කන්ඔය අමුණ,හුලංදාව අමුණ,යුදඟනාව වැව,යන ජල යෝජනා ක්‍රම වලද ජල මට්ටම බෙහෙවින් අඩුවී ඇත.
මුතුකණ්ඩිය ජලාශයේ සහ සුගලා දේවී වැවේ ජල මට්ටම සාමාන්‍ය මට්ටමෙන් පවතින අතර මහ කන්නයට ජලය ලබාදීමට පුළුවන.ඉදිරියේදී වැසි නොලැබුණහොත් මුතුකණ්ඩිය සහ සුගලා දේවී යන ජල යෝජනා ක්‍රම හැර අනෙකුත් සියලුම ජල යෝජනා ක්‍රම වලින් අස්වද්දන කුඹුරු ප්‍රමාණය බෙහෙවින් අඩුවිය හැකි යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මොනරාගල සුමනසිරි ගුණතිලක

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
