මොනරාගලට උග්‍ර ජල හිඟයක් ජල සැපයුම සීමා කෙරේ
මේ දිනවල මොනරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි නියං තත්වය නිසා මොනරාගල නගරය ඇතුළු ප්‍රදේශ රැසක උග්‍ර ජල හිඟයක් ඇතිවී තිබෙන අතර ජල සැපයුමද දින තුනකට වරක් සීමා කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මොනරාගල කාර්යාලය පියවර ගෙන ඇත.
මොනරාගල නගරයට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍ර දෙකකි.ඉන් පළමුවැන්න වන්නේ මරගල කඳුවැටියෙන් ගලා බසින ජී ලෝන් ජල මූලාශ්රයයි. එම ජල මූලාශ්‍රයෙන් දිනකට ජලය ගණන ඝන මීටර් තුන්දහස් පන්සියයක් පිරිසිදු කර බෙදා හරී. එහෙත් දැඩි වියළි කාලගුණය නිසා එම ජල මූලාශ්‍රය සැලකිය යුතු ලෙස සිදී ගොස් ඇත.එම නිසා ජලය සැපයීම දින තුනකට වරක් සිදුකරයි.
දෙවන ජල මූලාශ්‍රය වන්නේ කුඹුක්කන් ඔයයි.එමඟින් දිනකට ජලය ඝන මීටර් හයදහසක් පමණ නිෂ්පාදනය කළද, එම ජලය බුත්තල,ඔක්කම්පිටිය,මඩුල්ල සහ මොනරාගල යන ප්‍රදේශ සියල්ලටම බෙදා හැරිය යුතුය.නමුත් පවතින නියං තත්වය නිසා එම ජලයද ප්‍රමාණවත් නොවේ.
ප්‍රදේශවාසීන් පවසා සිටින්නේ මරගල කඳුවැටියේ මිනිස් ක්‍රියාකාරකම් නතර කිරීමට එහි පදිංචිව සිටින ජනතාවට දිස්ත්‍රික්කය තුළ ප්‍රමාණවත් ඉඩම් පවතින බැවින් ඔවුන් ජල මූලාශ්‍ර පවතින ප්‍රදේශ වලින් ඉවත් කර පදිංචි කර ජල මූලාශ්‍රය සුරැකීමට පියවර ගන්නා ලෙසයි.
කුඹුක්කන් ඔය ජල දහරාවද යාල වනෝද්‍යානය හරහා ගලායන නිසා වනජීවීන්ගේ පැවැත්මටද ජලය අවශ්‍ය නිසා එමඟින් ප්‍රමාණවත් පරිදි ජලය ලබා ගැනීමටද නොහැකිවී ඇත.මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මඟින් ජලය සැපයීම දින තුනට වරක් සිදුකිරීම,උස් බිම් ප්‍රදේශ වලට බහුතර මඟින් ජලය සැපයීම,නළ ළිං ඉඳිකිරීම,කුඹුක්කන් ඔයෙන් වැඩි ජල ප්‍රමාණයක් මොනරාගලට ලබා ගැනීම යන විකල්ප ක්‍රමවේද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම,ජලය ලැබෙන දින වල අවශ්‍ය පරිදි ජලය ගබඩා කර ගැනීම,ජල ගබඩා ටැංකියක් නිවසේ ස්ථාපිත කර ගැනීම,ජලය අපතේ නොයන පරිදි කටයුතු කිරීම,ජල කාන්දුවීම් හෝ නළ කැඩීම් පිළිබඳව මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් එම මණ්ඩලය ජල පාරිභෝගිකයින්ගේ ඉල්ලා සිටී.
මොනරාගල දිස්ත්‍රික්කයේ ජල ගැටලුවට විසඳුමක් ලෙස කුඹුක්කන් ඔය ජලාශය ඉඳිකිරීම සඳහා 2019 වසරේ මුල්ගල තැබුවද එය මෙතෙක් ඉටුවී නොමැත. එම ව්‍යාපෘතියෙන් ජලය ඝන මීටර් මිලියන හතළිස් අටත් පනස් පහත් අතර ජල ධාරිතාවකින් යුත් ජලාශයක් ඉඳි කර එම ජලය මොනරාගල, නක්කල, කුඹුක්කන,ඔක්කම්පිටිය සහ බුත්තල ප්‍රදේශ වලට පානීය ජලය සැපයීම,කෘෂිකර්මාන්තයට වාරි ජලය ලබාදීමට සහ ජල විදුලිය නිපදවීමට සැලසුම් කර තිබිණි.
මොණරාගල සුමනසිරි ගුණතිලක

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
