මොඩෙර්නා එන්නත් ලක්ෂ 15ක් ගෙනෙයි
- 16 07 2021
- 09:40
- {{hitsCtrl.values.hits}} views
- ..
ඇමෙරිකාව විසින් පරිත්‍යාග කරනු ලදුව කෝවැක්ස් පහසුකම ඔස්සේ ශ්‍රී ලංකාවට ලැබෙන මොඩෙර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් රැගත් විශේෂ ගුවන් යානය අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මෙම ගුවන් යානය තුළ මොඩෙර්නා එන්නත් මාත්‍රා 1500100ක් ඇතුළත්ව තිබූ බවද එම සංවිධානය සඳහන් කරයි.
කෝවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබුණ දෙවැනි එන්නත් තොගය මෙය වෙයි. මීට පෙර ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රා 264000ක් එම පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබුණි.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
