විශ්ව සාම ෆෙඩරේෂනයේ (Universal Peace Federation ) උසස් නිලධාරීන් පිරිසක් දින 04 ක ශ්රී ලංකාවේ සංචාරයක් සදහා හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ආරාධනයෙන් 03/23 දින රාත්රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
ඔවුන් අතර විශ්ව සාම ෆෙඩරේෂනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය යුන් යොන්ග් - හො (Dr: Yun Yong - Ho ) මැතිතුමා ඇතුළු තවත් නිලධාරීන් පිරිසක් එසේ පැමිණ සිටියහ.
ඔවුන් 03/23 දින රාත්රී 06.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම පිරිස පිළිගැනීම සදහා හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය.
මෙම විශ්ව සාම ෆෙඩරේෂනයේ උසස් නිලධාරීන් පිරිස ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමා සහ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ද හමු වී සාකච්ඡා කිරීමට නියමිතය.