පෙබරවාරි මාසයේ දවස් 12 ට සංචාරකයන් 39,621 මෙරටට පැමිණ ඇති බවත් මේ වසරේ ජනවාරි 01 වෙනිදා සිට පෙබරවාරි 12 වන දින දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන 121,948 ක් බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මින් වැඩිම සංචාරක පිරිසක් මෙරටට ඇවිත් තියෙන්නේ රුසියානු සමූහාණ්ඩුවෙන් බවත් එම ගණන 18,960 ක් බවත් ඔහු පැවැසීය. පහුගිය වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සංචාකරයන් 194,495 ක් බවද ඔහු පැවැසීය.
“මේ වන විට ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් එන්නේ යුරෝපා රටවලින්. පහුගිය ජනවාරි මාසයේ මෙරටට පැමිණි සංචාරකයන් බහුතරය පැමිණ ඇත්තේ යුරෝපා රටවලින්. ජනවාරි මාසයේ මෙරටට පැමිණි සංචාරකයන් 82,327 න් 56,605 ක්ම යුරෝපා රටවලින් පැමිණි අය.
ආසියා හා පැසිෆික් කළාපයෙන් පැමිණි සංචාරකයන් ගණන 19,531ක්. මැද පෙරදිගින් සංචාරකයන් 2080 ක් ඇමෙරිකානු කළාපයෙන් 3691 වගේම අප්‍රිකාවෙන් 420 ක් පැමිණ තිබෙනවා.”
රටේ වර්තමාන තත්ත්වය පිළිබද මිනුවන්ගොඩ පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරිම අද (13දා) මිනුවන්ගොඩ දී පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.