මේ වසරේ මේ දක්වා ඊශ්රායල් රැකියා සදහා 2994ක් පිටව ගිහින්
- 13 11 2026
- 17:54
- {{hitsCtrl.values.hits}} views
- ..
ඊශ්රායල් අවන්හල්, හෝටල් හා ගෘහපාලනය, නිෂ්පාදන හා කෘෂිකර්මාන්ත යන අංශවල රැකියා සදහා මේ වසර ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්රී ලාංකිකයින් 2994 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.
මෙයට අමතරව ලබන 18 වෙනිදා තවත් 261 දෙනෙකු පිටත්ව යාමට නියමිත බවද කාර්යංශය සදහන් කරයි.මෙම පිරිස දැනුවත් කිරීමේ වැඩසටහන අද දින (13) කාර්යාංශ ශ්රවණාගාරයේදී සභාපති කෝශල වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
අවන්හල් ආශ්රිත රැකියා සදහා 158 දෙනෙකුද, හෝටල්, ගෘහපාලන, නිෂ්පාදන හා කෘෂි කර්මාන්ත ආශ්රිත රැකියා සදහා 103 දෙනෙකුද මෙම අවස්ථාවට සහභිගී වූහ.
මේ වනවිට රජයේ මාර්ගයෙන් හා ඒජන්සි මාර්ගයෙන් ඊශ්රායලයේ සියලු ක්ෂේත්රවල රැකියා සදහා 14349 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
