මේ වසරේ ජනවාරි 01 වන දින සිට සිට මැයි මස 31 වනදා දක්වා ගෙවිගිය මාස 05 කා කාලය තුලදි පැමිණිලි දෙදහස් එකසිය තිස් අටක් ( 2,138ක්) ලැබී ඇති බව අල්ලස් කොමිෂම සදහන් කරයි
මේ වසර ආරම්භ වන විට පසුගිය වසරේදි ඉතිරිව ඇති පැමිණිලි 240 ක් ද තිබු බවත් මේ අනුව සමස්ත පැමිණිලි ප්‍රමාණය දෙදහස් දෙසිය විසිඑකක් බවද සඳහන් කරයි.
මෙම කාලය තුලදි වැටලිම් හතලිස් හතරක් සිදුකර තිබෙන අතර වැටලිම්වලදි සැකකරුවන් තිස් එකක් අත්අඩංගුවට ගෙන ඇත.
ලැබි තිබෙන පැමිණිලිවලින් 224ක් විමර්ශනයට නියෝග කර ඇති අතර ප්‍රමාණවත් කරුණු නොතිබීම හා පනතට අදාළ නොවීම යන කරුණු මත පැමිණිලි 524ක් විමර්ශනය නොකිරීමට තීරණය කර ඇත.
පැමිණිලි 282ක් විමර්ශනය සඳහා වෙනත් ආයතන වෙත යොමු කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් මේ වසරේ ගත වූ මාසය 05ට අදාළව නිකුත් කළ ප්‍රගති වාර්තාවේ දැක්වේ.
වැටලිම්වලදි අත්අඩංගුවට ගත් පිරිස් සැලකිමේදි විදුහල්පතිවරයෙක් පොලිස් පරික්ෂකවරයෙක් උපපොලිස්පරිකකෙවරයෙක් සැරයන්වරුන් 04 ක් කොස්තාපල්වරුන් 02 ක් කම්කරු නිලධාරියෙකු සිවිල් පුද්ලයින් 06 ක් ආගමන විගමන දෙපාර්තමෙන්තුවේ බලයලත් නිලධාරියෙකු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දෙදෙනකු සංවර්ධන නිලධාරියෙක් ග්‍රාම නිලධාරවරයෙකු ඇතුල රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකු ඇතුලත්ව සිටි ගතවූ මාස 05 තුළ අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩු 272ක් මේ වන විට අධිකරණවල විභාග වෙමින් පවතින බව ද අදාළ ප්‍රගති වාර්තාවේ සඳහන් වේ.
මේ අනුව මහේස්ත්‍රාත් අධිකරණවල නඩු 22 ක් මහාධිකරණයේ නඩු 249 ක් ත්‍රි පුද්ගල මහාධිකරණයේ නඩුවක් වශයෙන් විභාග වේ. මෙම කාලය තුලදි පුද්ගලයින් 19 ක් වරදකරුවන් වි තිබෙන අතර එම පිරිස් අතර හිටපු අමාත්‍යවරයෙකු, සතොස හිටපු සභාපතිවරයෙකු, පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකු, ඇතුළු 19 දෙනෙකු වරදකරුවන් බවට පත්ව තිබේ.