මේ වසරේ ඩෙංගු රෝගීන් 38000ක්
මේ වසරේ ජනවාරි 01 වැනි දින සිට ඊයේ(16දා) දක්වා කාලයෙහිදී ඩෙංගු රෝගීන් 38088ක් වාර්තා වී තිබෙන බව ස්‍යෙඛ්‍ය අංශ පවසයි. එම රෝගීන්ගෙන් 24.8%ක් එනම් රෝගීන් 9451ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන බවද පෙන්වා දෙයි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4381ක්, කලුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2097 ක් වශයෙන් බස්නාහිර පළාතෙන් රෝගීන් 15929ක් වාර්තා වී තිබෙන අතර එය සමස්ත රෝගීන්ගේ ප්‍රතිශතයක් ලෙස 41.8% කි.
උතුරු පළාතෙන් රෝගීන් 4738 ක් වාර්තා වී ඇත. එය සමස්ත රෝගීන්ගේ ප්‍රතිශතයක් ලෙස 12.4% කි. මධ්‍යම පළාතෙන් රෝගීන් 3895 ක් වාර්තා වී ඇත. එය සමස්ත රෝගීන්ගේ ප්‍රතිශතයක් ලෙස 10.2% කි. වයඹ පළාතෙන් රෝගීන් 2521 ක් වාර්තා වී තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 6.6% කි. දකුණු පළාතෙන් රෝගීන් 2834 ක් වාර්තා වේ. ප්‍රතිශතය7.4% කි. සබරගමුව පළාතෙන් රෝගීන් 3875 ක් වාර්තා වී තිබෙන අතර එය ප්‍රතිශතයක් ලෙස 10.2% කි.
මේ මස ගෙවීගිය කාලයෙහිදී රෝගීන් 1446 ක් ද, පසුගිය මාසයෙහිදී රෝගීන් 3897 ක්ද, ජූලි මාසයේදී 4506 ක්ද, ජුනි මාසයෙහිදී 3319 ක්ද, මැයි මාසයෙහිදී 2647 ක්ද, අප්‍රේල් මාසයෙහිදී 2234 ක්ද, මාර්තු මාසයෙහිදී 3615 ක්ද, පෙබරවාරි මාසයෙහිදී 6007 ක්ද, ජනවාරි මාසයේදී 10417 ක්ද වාර්තා වී තිබේ.
මේ වසරේ ගෙවී ගිය කාලයෙහිදී ඩෙංගු රෝගය වැලඳීම නිසා පුද්ගල මරණ 17ක් සිදුව තිබේ. ස්‍යෙඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස බල ප්‍ර දේශ 10ක ඩෙංගු අධිඅවදානම් මට්ටමින් පැතිර යන බව සෙඛ්‍ය අංශ පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

