මේ වසරේ ආර්ථිකය සෘණ අගයක් ගනීවි
මේ වසර තුළ (2020) ශ්‍රීලංකා ආර්ථිකය සෘණ (-) අගයක් ගනු ඇතැයි ශ්‍රීලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච් ඒ කරුණාරත්න මහතා පැවසීය.
රටට සිදුවු ආර්ථික කඩාවැටීම් සම්බන්ධයෙන් ගණනය කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ පිළිබඳව ගණනය කිරීම් කර ඇති බවද හෙතෙම කීවේය.
මේ වසරේදී ලෝක ආර්ථික වර්ධනයද විශාල ලෙස පහළ යනු ඇති බවද කරුණාරත්න මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් දායකත්වය ලබාදෙන සංචාරක ක්ෂේත්රය , අපන යන ක්ෂේත්රය ආදීය මෙන්ම අනිකුත් ක්ෂේත්‍ර ගණනාවක ක්‍රියාකාරීත්වය මේවනවිට අඩපණ වී ඇති බැවින් ආර්ථිකයට එය තදින්ම බලපා ඇති බවද හෙතම සඳහන් කළේය.
කෙසේ වුවද සංචාරක ක්ෂේත්රය ඇතුළු ව්‍යාපාර ක්ෂේත්රය කඩාවැටීමට නොදී ඒවා රැකගැනීමට ශ්‍රීලංකා මහබැංකුව ඇතුළු බැංකු පද්ධතිය විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද කරුණාරත්න මහතා කීවේය.
'එක්ව ඉදිරියට' - දේශීය දේශයක් ගොඩනැගීම සදහා වන ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුමට එක්වෙමින් ඊයේ (26ද) ඒ මහතා මේ බව සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

