රුසියානු යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් මේ රටේ මතය මෙතෙක් ප්රතකාශ කොට නොමැති වුවත් රුසියාවෙන් ශ්‍රී ලංකාව ණයක් ඉල්ලා තිබෙන බවත් මේ අවස්ථාව රුසියාවෙන් ණයක් ඉල්ලීමට අවස්ථාවක් ද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
ඒ මහතා මේ බව අවධාරණය කර සිටියේ ඊයේ (05දා) මහනුවරදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකද.
"මේ මොහොතේ රුසියාවෙන් ණයක් ඉල්ලා සිටීමට තරම් අවස්ථාවක් ද කියා අප දන්නේ නැහැ. රුසියාවෙන් යම් ආධාරයක් ලබාගෙන ඔවුන් ගේ පැත්තට අප හැරීමේ ඇමක් දැම්මද කියා ප්‍රශ්නයක් අපට පැන නගිනවා. මේ මොහොතේ අප එවැනි දේ වලින් ප්‍රවේශම් විය යුතුව තිබෙනවා .
මෙ අවස්ථාවේ අප එවැනි දෙයක් කළහොත් ජාත්‍යන්තරය තුළ අප කොන් විය හැකියි. මෙරට තේ වැඩිපුරම මිලදී ගන්නේ මේ රටවල් දෙක".