මේ රටේ පවුල් පාලනයකට නැවත ඉඩ තියන්නේ නෑ
ආණ්ඩුව ජනවරමට පිටුපාන්නේ නොමැතිනම් ආණ්ඩුව වැට්ටවීමේ කිසිම අවශ්‍යතාවක් නොමැති බවත් ආණ්ඩුව ජනවරමට පටහැනිව තවදුරටත් ගමන් කරමින් තිබෙන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.
"මුළු රටම හරිමගට" ජාතික වැඩපිළිවෙළ පිළිබඳව පැහැදිලි කිරිම සඳහා අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමිපාණන් බැහැදැකීමට අද (26) රාජගිරිය, කළපළුවාව තපෝවනයට පැමිණි අවස්ථාවේදි අමාත්‍යවරයා මේ බව ප්‍රකශ කළේය.
“උන්වහන්සේලාගේ අනුශාසනාව වුණෙත් පවුල් පාලනය අවසන් කරලා රට හරි තැනට ගන්න කියන එක. කොහොමත් අපි මේ රටේ යළිත් පවුල් පාලනයක් ඇති වෙන්න නැවත ඉඩ තියන්නේ නෑ.මේ ආණ්ඩුවට ලැබුණ ජනවරමට පිටුපාන්නේ නැත්නම් අපිට ආණ්ඩුව වට්ටන්න ඕන නෑ.
ලැබුණ ජනවරමෙන් පිට පනිනනවානම් ඒ ජනවරම නිර්මාණය කරන්න මූලිකත්වය ගත්ත අපිට ශුද්ධ වූ අයිතියක් තියෙනවා ඒ ගමන වළක්වන්න. ඒ ගමන පරාජය කරන්න. මේ අපි කරන්නේ ඒක. තව තවත් ජනවරමට පටහැනිව යන ගමනක් පේන්න තියෙන්නේ. ”
popular news
-
Kumar Saturday, 26 March 2022 02:36 PM
american purawasiyant parlimentuwata enna atha issuway oyagolloneda. Dan boruwata kahinawa.
Reply : 0 0
LGPJ Sunday, 27 March 2022 04:39 PM
He is always almost fabricating untruths simultaneously.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

