මැතිවරණයට නාමයෝජනා දුන්නේ මැතිවරණය කල් දැමීමට නොව මැතිවරණය පැවැත්වීම සදහා බවත් මෙම පළාත් පාලන මැතිවරණයෙන් පසුව පළාත් සභා මැතිවරණයට පැවැත්වීමටද බලාපොරොත්තු වන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසීය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ගම්පහ දිස්ත්‍රික්කයට නාමයෝජනා භාරදීමේ අවස්ථාවට එක්වෙමින් අද (20) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ගණන 19 කි. ඒ සියල්ල සඳහාම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේදී නාම යෝජනා බාර දීම සිදුකෙරිණ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“අපේ පළාත් පාලන ආයතනවල අපේ කණ්ඩායම් සියල්ල පසුගිය කාලයේ ජනතාවට වැඩ කළා. විශේෂයෙන් කොවිඩ් කාලයේදී ජනතාව මරණයෙන් බේරා ගන්න, එන්නත්කරණ වැඩසටහනේදි, යටිතල පහසුකම් නගා සිටුවන්න, ආර්ථික අර්බුදය හමුවේ මේ පළාත් පාලන ආයතන විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා. ඒ වගේම පසුගිය කාලයේ සැලසුම් කළා වගේම භර්ගනී මව්වරුන්ට සහ දරුවන්ට පෝෂණ වැඩපිළිවෙලවල් මේ පළාත් පාලන ආයතන විසින් සිදු කර තිබෙනවා. අපි ඉදිරිපත් කරන්නේ කයිවාරු ගහන බෙරුවට කටින් බතල හිටවන අය නෙමෙයි, රටට දැනෙන වැඩක් කරපු පිරිසක්. මේ මැතිවරණයේදී ඔවුන් ජයගන්නවා කියලා අපිට විශ්වාසයක් තියෙනවා.