මේ කොවිඩ් රැල්ලත් පාලනය කරනවා
මිනුවන්ගොඩ කොවිඩ් පොකුර පාලනය සඳහා ආණ්ඩුව ගතහැකි ගතයුතු සියළු පියවර ගෙන ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කළේ කොවිඩ් 1 හා 2 රැලි පාලනය කළ සේම කොවිඩ් 3 වන රැල්ලද පාලනය කිරීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාව සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීමේ වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී රණතුංග මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදී මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනිය සඳහන් කලේ මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශය තුළ කොවිඩ් ආසාදිතයන් 478 දෙනෙකු හඳුනාගෙන රෝහල් ගත කර ඇති බවයි. ඔවුන්ගේ සමීපතමයින් PCR පරීක්ෂණ වලටත් නිරෝධායන මධ්‍යස්තාන වලටත් යොමු කර ඇති බවද වෛද්‍ය නිළධාරිනිය කීවාය.
මීට අමතර එම ආසාදතියන් ගැවසුණු බවට හදුනා ගෙන ඇති ප්‍රදේශ වල ජනතාව PCR පරීක්ෂණ සිදුකිරීමටත් අවශ්‍ය බවද ඒ අය නිරෝධායනය සදහා යොමුකීරමටත් පියවරගන්නා බවද ඇය කීවාය.
දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය ආහාර බෙදා දීමේ වැඩ සටහන කඩිනම් කිරීමට වහා පියවර ගන්නා ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී බලධාරීන්ට උපදෙස් දුන්නේය. රාජ්‍ය හා පෞද්ගලික අංශ සමග එක්ව අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සිදු කළ යුතු ආකාරය පිළිබදව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. මිනුවන්ගොඩ විවිධ සේවා සමූපකාර ප්‍රාදේශික විවෘත කිරීමටත්, පොදු ආයතන වල ජංගම රථ මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ ගමට යැවීමටත් මෙහිදී තිරණය කෙරිනි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේ මිනුවන්ගොඩ කොවිඩ් පොකුර හැකි ඉක්මනින් පාලනය කිරීම රජයේ අපේක්ෂාව බවයි. රෝගීන් සමග සමීප සබෙඳතා පැවැත්වූ පුද්ගලයන් කඩිනමින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළේ ඒ අනුව බවද ඇමතිවරයා කීවේය. සමාජයෙන් කොවිඩ් ආසාදිතයෙකු හමුවුනේ මාස කීපයකට පසුව බව පෙන්වා දුන් ඇමතිවරයා එය පාලනය කර රට නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට රජය සිය පූර්ණ ශක්තිය යොදවා ඇතැයිද කීවේය.
popular news
-
Kumar Sunday, 11 October 2020 10:27 PM
Who else said this is the second wave other than the politicians and their mouth pieces. No proper testing done ever. The doctors and others cooked the numbers for the election and thereon. According to our relatives the public was behaving as if there is no pandemic. It is like the malaria, you can deny it but it will come back.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
