යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් තිබේ.
ඔහු සිය මාතෘ භූමිය වෙනුවෙන් තිස්පස් වසරක් යුද්ධ හමුදා සේවයේ සිටියේය. කුමුදු පෙරේරා මහතා යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (23දා) හමුවිය.
මාතලේ ශාන්ත තෝමස් විදුහල, නුවර කිංග්ස්වුඩ් විද්‍යාලය, රත්නපු ශාන්ත ඇලෝසයිසස් විදුහල, දෙනියාය මධ්‍යම විදුහල හා කොළඹ ඉසිපතන විදුහල්වල ඔහු ඉගෙනුම ලබා තිබේ.
1984 වසරේදී උප ලුතිනන්වරයෙක් ලෙස ඔහු යුද හමුදා දිවිය ආරම්භ කළේය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ විවිධ නිලතල දරමින් ඔහු මාතෘ භූමිය වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටු කළේය.
රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම, උත්තම සේවා පදක්කම යන පදක්කම්වලින් ඔහු පිදුම් ලබා තිබේ.

