සාලියපුර ගජබා රෙජිමේන්තුවට අයත් ශ්රි ලංකා යුද හමුදාවේ මේජර්වරයෙක් ඇතුළු තිදෙනෙක් ඊයේ රාත්රි යේ සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
ගල්ගමුව, ඉහළගම ප්ර දේශයේදී ඔවුන් ගමන් කළ මෝටර් රථය තාප්පයක හා ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් තවත් දෙදෙනෙක් තුවාල ලබා තිබේ.
මෙම අනතුර අධික වේගය නිසා සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි. මේජර්වරයා අවුරුදු 35ක් වන ගල්ගමුවේ පදිංචි අයෙකි. තුවාල ලැබූවන් ගල්ගමුව හා අනුරාධපුර රෝහල්වලට ඇතුළත් කර තිබේ.