22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනපතිවරයා හා නීතිඥ සංගමය අතර ධනාත්මක සාකච්චාවක් පැවැති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවැසීය.
නීතිඥ සංගමය හා ජනපතිවරයා අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවැසුවේ
නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන අදහස් හා තීරණය නැවත සිතා බලා හරි තැනකට පැමිණිය හැකි බවට
විශ්වාස කරන බවයි.
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥවරු සහ විනිසුරුතුමන්ලා විරුද්ධ වන හේතුව අප එහිදී පැහැදිලි කර දුන්නා..ජනාධිපතිතුමාත් ඔහුගේ ස්ථාවරය අපට සඳහන් කළා.මෙවැනි වෙනස්කමක් කරන විට පුළුල් විද්වත් සාකච්ඡාවකින් පසුව එය කළ යුතු බව අප එහිදි සඳහන් කළා.මේක කවුරුවත් කාටවත් විරුද්ධව කරන සටනක්
නොවේ." යැයි ඔහු පැවැසීය.