ත්‍රස්තවාදය මර්දනය කිරිමට අවශ්‍ය නීති සකස් නොකළහොත් පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාටම එරෙහිව ජනතාව විශ්වාසභංගයක් ගෙන එන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
ඔහු මේ අදහස් පළකර සිටියේ කිඹුලාවල මංසන්ධියේ ඉදිකරනු ලැබූ බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“රිෂාඞ් බදුර්දීන් ඇමතිතුමාට විරුද්ධව විපක්ෂයේ පිරිසක් විශ්වාසභංගයක් ගෙනවිත් තිබෙනවා. ඒ පිළිබඳව කතානායකතුමා සුදුසු පියවර ගනී. විශේෂයෙන්ම ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ තේරිම් කාරක සභාවක් ඇති කර ඔහුට විරුද්ධව තිබෙන චෝදනා විධිමත්ව විභාග කරන්න ඕනේ. ඒ චෝදනාවලින් එතුමා වැරදිකාරයෙක් උනොත් එතුමාට ධුරයෙන් පමණක් නෙමෙයි, එතුමාට නීතිමය වශයෙනුත් කටයුතු කරන්න වෙයි.
ඒ වගේම එතුමා නිවැරදි කාරයෙක් උනොත් එතුමාට ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යන්න පුළුවන්. කෙසේ වෙතත් වඩා වැදගත් වෙන්නේ අපි මේ රටේ නීති ප්‍රතිපාදන වහාම සකස් කරන්න ඕනේ මේ රටේ ත්රස්තවාදයන් නැවත ඇතිවීම වැලැක්වීම සඳහා.
ඒ වගේම අපි දන්නවා නොයෙක් ආයතන, ෂරියා විශ්ව විද්‍යාල, මද්රසා වැනි ආයතන ඒ ආයතන ඇත්ත වශයෙන්ම ස්වාධිනව පවත්වාගෙන යන්න බැහැ. විශේෂයෙන්ම මඩකලපුවේ ඇතිකර තිබෙන ඒ විශ්ව විද්‍යාලය, ඒක පුද්ගලික ආයතනයක් හැටියට හෝ ගෙන යාම සුදුසු නැහැ. ඒක අනිවාර්යයෙන්ම රජයේ විශ්ව විද්‍යාලයක් හැටියට ජනසතු කරලා පවත්වාගත යුතුයි.
ඒ වගේම මද්රසා ආයතන ඒවා වෙනම පවත්වාගෙන යන්නත් බැහැ. මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් කරගෙන යාමත් සුදුසු වෙන්නේ නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික අධ්‍යාපන ආයතනයේ මූලිකත්වයෙන් පිරිවෙන් අධ්‍යාපනය නියාමනය කරනවා සේ සිදුවිය යුතුයි. මොකද මේ ස්ථානවල විදේශ ගුරුවරු ඉන්නවා. කුරාණයට විවිධ අදහස් ලබාදෙනවා. ඒ අදහස් මත පදනම් වෙලා විවිධ පිරිස් ප්රචණ්ඩ කි‍්‍රයාවලට යොමුවන බව අපට පෙනී යනවා. ඒ නිසා මේ රටේ අනෙකුත් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යන කි‍්‍රයාදාමය මත සිදුකළ යුතුයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒ වෙනුවෙන් අපි ඉදිරියේ කටයුතු කරනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
