මෙවර ශ්‍රී පාද වන්දනාවාරයට ආපු 592ක් මේ දක්වා අල්ලලා
2024/2025 ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භකර මාස තුනක් තුළ හැටන් මාර්ගය ඔස්සේ හෙරොයින් අසිස්, ගංජා ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි 592 කු සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා එම චූදිතයන්ගෙන් රු.හැටලක්ෂ විසි නවදහස් තුන්සිය විසිහතරක 6029324/= ක මුදලක් දඩ මුදල් වශයෙන් අය කරගෙන ඇති බව හැටන් කොට්ටාශ භාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා හැටන්, බගවන්තලාව, නොර්වුඩ්, මස්කෙලිය, නොර්ටන්බ්‍රිජ්, නල්ලතන්නිය, පොල්පිටිය, වටවල සහ ගිනිගත්හේන යන පොලිස් ස්ථානවල පොලිස් නිළධාරින් සහ හැටන් පොලිස් කොට්ටාශ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් සිදුකල මෙහෙයුම් වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර දඩ මුදල් අය කර ගැනීමට හැකි වූ බවයි පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.
චූදිතයන් කොලඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි අවුරුදු 20-45 ත් අතර විවිධ වයස් කාණ්ඩවල පසුවන අය බවත්, ශ්‍රීපාද වන්දනා වාරය අවසන් වන තෙක්ම මෙවැනි වැටලීම අඛණ්ඩව සිදු කරන බවයි පොලිස් අධිකාරිවරයා තව දුරටත් කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

