මෙවර ඉදිරිපත් කර ඇති අය වැය යෝජනා හේතුවෙන් රටේ ණය බර තවත් ඉහළ යමින් ණය වැයක් බවට පත්ව ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා ඊයේ (18දා) සඳහන් කළේය.
2024 වසර සඳහා ඉදිරිපත් කළ අය වැයට අනුව රජයේ ණය ගැනීම් අවශ්‍යතාව රුපියල් බිලියන 7350 ක් වන අතර එහි දී ණය සේවා කරන ගෙවීම් සඳහා රුපියල් බිලියන 6919 අවශ්‍ය වන බවත්, ඒ තුළ පොලී ගෙවීම් සඳහා පමණක් රුපියල් බිලියන 2651 ක අවශ්‍යතාවක් මතුවන බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
මෙහි දී ණය වාරික සඳහා රුපියල් බිලියන 4,268 ක් අවශ්‍ය වන බවට අය වැය වාර්තාව අධ්‍යයනය කිරීමේ දී හෙළි වන බවද මහා චාර්යවරයා පැවසීය. පසු ගිය වසරට සාපේක්ෂව සලකා බලන විට ණය පොලී ගෙවීම් සඳහා වියදම් 21% කින් 2024දී ඉහළ යාමක් පෙන්නුම් කරන බව ඔහු සඳහන් කළේය. සමස්ත ණය තුළ දේශීය ණය රුපියල් බිලියන 16000කට වඩා ප්‍රමාණයක් මේ වන විට තිබෙන බවත්, එම ප්‍රමාණය ඉදිරි වසර තුළ ට්‍රිලියන 03 කින් පමණ ඉහළ යා හැකි බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
චන්දන සමරවික්‍රම
මෙවර ඉදිරිපත් කර ඇති අය වැය යෝජනා හේතුවෙන් රටේ ණය බර තවත් ඉහළ යමින් ණය වැයක් බවට පත්ව ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පෙරේදා(18දා) සඳහන් කළේය. 2024 වසර සඳහා ඉදිරිපත් කළ අය වැයට අනුව රජයේ ණය ගැනීම් අවශ්‍යතාව රුපියල් බිලියන 7350 ක් වන අතර එහි දී ණය සේවා කරන ගෙවීම් සඳහා රුපියල් බිලියන 6919 අවශ්‍ය වන බවත්, ඒ තුළ පොලී ගෙවීම් සඳහා පමණක් රුපියල් බිලියන 2651 ක අවශ්‍යතාවක් මතුවන බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
මෙහි දී ණය වාරික සඳහා රුපියල් බිලියන 4,268 ක් අවශ්‍ය වන බවට අය වැය වාර්තාව අධ්‍යයනය කිරීමේ දී හෙළි වන බවද මහා චාර්යවරයා පැවසීය. පසු ගිය වසරට සාපේක්ෂව සලකා බලන විට ණය පොලී ගෙවීම් සඳහා වියදම් 21෴ කින් 2024දී ඉහළ යාමක් පෙන්නුම් කරන බව ඔහු සඳහන් කළේය. සමස්ත ණය තුළ දේශීය ණය රුපියල් බිලියන 16000කට වඩා ප්‍රමාණයක් මේ වන විට තිබෙන බවත්, එම ප්‍රමාණය ඉදිරි වසර තුළ ට්‍රිලියන 03 කින් පමණ ඉහළ යා හැකි බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.