මෙරට මහා මාර්ගයක ධාවනය කිරීම සඳහා ලියාපදිංචි කළ නොහැකි ආකාරයේ අධි බල යතුරුපැදියක් ධාවනය කරමින් සිටි 25 හැවිරිදි තරුණයෙකු අකුරණ නගරයේ දී පෞද්ගලික බස් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අලවතුගොඩ පොලීසිය කියයි .
අනතුර සිදුවන අවස්ථාවේදී එම යතුරු පැදියේ ලියාපදිංචි අංක තහඩු සවිකොට තිබුනත් එම ලියාපදිංචි අංක තහඩු ව්‍යාජ ඒවා හෝ ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කොට ලබාගත් අංක තහඩු බවට පොලිසිය සැක කරන අතර අනතුරට පත් යතුරුපැදිය අශ්ව බල 1000 අධිබල යතුරුපැදියක් බවද පොලිසිය කියයි .
අනතුරට පත් තරුණයා ගෙන් පොලිසියට කට උත්තරයක් ලබා ගැනීමට පවා අපහසු අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටින බව පවසන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් අලවතුගොඩ පොලිසිය විසින් ආරම්භ කොට තිබේ .