මෙරට දුප්පතුන්ගේ සංඛ්‍යාව මිලියන 01 සිට මිලියන 03 දක්වා ඉහළට
ජාත්‍යන්තර දත්ත වාර්තාවට අනුව මෙරට දුප්පතුන්ගේ සංඛ්‍යාව මිලියන 01ක් පමණක් වුවත් නවතම දත්ත වාර්ථා වලට අනුව එය මිලියන 03 දක්වා ඉහළයාමක් පෙන්වන බවමහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි .
ඒ මහතා මේ බව අවධාරණය කර සිටියේ ජාත්‍යන්තර යෝගී දිනය සමරමින් මහනුවර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වලටසහ ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් බෙදාදීමේ වැඩසටහනක් මහනුවර සහ සහස් උයන පරිශ්‍රයේදී පැවැති උත්සව අවස්ථාවකදිය .
ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතාගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගි වූ එම උත්සව අවස්ථාවේදී මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය .
මේ වන විට මෙරට දැඩි ආර්ථික දරිද්‍රතාවය කින් පසු වන්නන්ගේ සංඛ්‍යාව මිලියන 03 ක් දක්වා ඉහළ ගොස් ඇති බවජාත්‍යන්තර දත්ත වාර්තා පෙන්නුම් කරනවා . මාස 03ක් වැනි කෙටි කාලයක් තුළදීඑම සංඛ්‍යාව එසේ ඉහළ ගොස් ඇති බවකුයි පෙනී යන්නේ . මේ වන විට ආර්ථික උද්ධමනය සියයට සියයකින් ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට රට සාගත තත්වයක් කරා ගමන් කරමින් තිබෙන බව පෙනී යනවා.
දුප්පත් ජනතාව පෝලිම්වල මැරී වැටෙනවා. මව්වරුන් තමන්ගේ දරුවන් ගඟට විසි කරනවා. පවුල් පිටින් සියදිවි නසාගන්නවා. මිනීමැරුම් වැඩිවෙලා තියෙනවා. මංකොල්ලකෑම් අපරාධ සීඝ්‍ර වැටීමකට ලක්වෙලා තිබෙනවා .අද වන විට අපේ රටට ජාත්යන්තරයෙන්ස සියලු දේ හිඟා කෑමට සිදු වී තිබෙනවා .
නිසි ආර්ථික කළමනාකරණයකින් තොරව රට පාලනය කරපු එක් පවුලක් වටා ගොනු වූ හිතුවක්කාර දුෂිතයන් කණ්ඩායමක් නිසයි අද මේ රට මේ තත්වයට පත්වී තිබෙන්නේ .නමුත් මේ රටට මේ ඉරණම අත් කර දුන් ඇතැම් පාලකයන් තවමත් සුර සැප විඳිමින් වැජඹෙනවා .පාර්ලිමේන්තු වරප්‍රසාද භුක්ති විඳිනවා . නමුත් ඒවාට එරෙහිව කථා කරන්නන් පවා අද අත්අඩංගුවට ගන්නා මර්දනකාරී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරනවා .
අභියෝගය භාර ගන්නවා කියලා අගමැති වුනු රනිල් වික්‍රමසිංහ හැමදාමත් නන් දොඩවමින් ජනතාව පීඩනයෙන් පීඩනයට පත් කරවමින් සිටිනවා . රටේ අනාගතයක් අපේ දරුවන්ගේ අනාගතයක් ගැන හිතන්නත් බැරි තත්ත්වයකට අද රට පත්වෙලායැයි ද පැවසීය .
ෂේන් සෙනෙවිරත්න
popular news
-
Kumar Tuesday, 21 June 2022 03:43 PM
amerikawe ahara adhara saamadawasaka labadenawa. Oyawagey stage gahala camera idiripita bedanney naha.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

