පවත්නා කඩදාසි හිඟය මඟහරවා ගැනීමට සහනයක් ලෙස ඇමරිකානු ඩොලර් 11,000ක් වටිනා මුද්‍රණ කඩදාසි තොගයක් විභාග දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කිරීමට, මෙරට කොරියානු ව්‍යාපාරික ප්‍රජාව හා කොරියානු ජාතිකයන් එක් ව කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වූන්ජින් ජියෝං මහතා විසින් එම පරිත්‍යාගය, ඊයේෙ (16දා) අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති රැස්වීමක දී සංකේතාත්මක ව ප්රදානය කර ඇත.
මෙහි දී පාසල් දරුවන්ගේ අධ්‍යාපන උන්නතිය වෙනුවෙන් සිදු කළ මේ ප්රදානය භාරගත් අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් මෙරට කොරියානු ප්‍රජාවටත් වරින්වර කොරියානු රජයෙන් පිරිනමනු ලබන අධ්‍යාපන අවස්ථා හා ආධාර පිළිබඳ ව කොරියානු රජයටත් සිය කෘතවේදීත්වය පළ කළේ ය.
මේ අවස්ථාවට අධ්‍යාපන ලේකම් එම්. එන්. රණසිංහ, විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයන්ත නවරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
