පොලීසිය සිටින්නේ දූෂිත දේශපාලකයන් ආරක්ෂා කිරීමට නොව මහජනතාව ආරක්ෂා කිරීමට බව මතක තබා ගත යුතු බව හිටපු ක්රිකට් නායක සනත් ජයසූරිය මහතා පවසයි. සිය ට්විටර් ගිණුම හරහා ප්රකාශයක් කරමින් ඔහු මේ බව පවසයි.
"මහ දවාලේ ගාලු මුවදොර අහිංසක උද්ඝෝෂකයන්ට මේ වගේ මැරකම් එල්ල වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. දූෂිත දේශපාලකයින් නොව මේ රටේ මහජනතාව ආරක්ෂා කිරීමට ඔවුන් පැමිණ සිටින බව පොලිසිය මතක තබා ගත යුතුය. මෙය රාජපක්ෂලාගේ අවසානයයි"