මෙම වසරේ ජනවාරි මුල් සති දෙකට ඩෙංගු රෝගීන් 4138ක් වාර්තා වේ. ඩෙංගු වසංගත තත්වයක් දක්වා ඇතීවීම වැලැක්වීම සඳහා “පිරිසිදු පරිසරයක් - නීරෝගීමත් හෙටක් ”මැයෙන් දීපව්‍යාප්ත ඩෙංගු මර්ධන වැඩසටහන 2022 ජනවාරි මස 20 වන දින පළාත් සභා හා පළාත්පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් මත පළාත් සභා හා පළාත්පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය මගින් ආරම්භ කරන ලදී.
සෑම දිස්ත්‍රික්කයක් තුලින්ම ඩෙංගු රෝගින් වාර්තා වීමත් ,ඒ අතරින් නගරසභා තුල ජිවත්වෙන නාගරික වාසීන් අතරින් ඩෙංගු රෝගින් වැඩියෙන් මතුවීම විශේෂයක්.සෞඛ්‍ය අමාත්‍යාංශ ඩෙංගු මර්ධන ඒකකයේ දත්තයන්ටඅනුව මේ සති දෙකට ලංකාවෙන් ඩෙංගු රෝගීන් 4138ක් එයින් පළමු සතියේ 2057 ක් දෙවන සතියේ 2081ක් වේ.