මෙම වසරේ ගෙවී ගිය කාලය තුළ ඩෙංගු මරණ 16ක් වාර්තා වෙයි
ගෙවීගිය දින දෙකක කාලයෙහිද ඩෙංගු රෝගීන් දෙදෙනෙකු මිය ගොස් තිබෙන අතර මේ අනුව මේ වසරේ ගෙවී ගිය කාලයෙහිදී ඩෙංගු රෝගය නිසා පුද්ගල මරණ දහසයක් සිදුව තිබේ.
මේ මස 01 වැනි දින සිට මේ මස 10 වැනි දින දක්වා ගෙවීගිය දින 10 තුළදී ඩෙංගු රෝගීන් 1308 ක් වාර්තා වී ඇත. මේ වසරේ ජනවාරි 01 වැනි දින සිට මේ මස 10 වැනි දින දක්වා කාලයෙහිදී ඩෙංගු රෝගීන් 34053 ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
මේ වසරේ ජනවාරි 01 වැනි දින සිට මේ මස 08 වැනි දින වන විට ඩෙංගු මරණ 14 ක් වාර්තා වී තිබේ. ගෙවීගිය දින දෙකක කාලයෙහිදී ඩෙංගු මරණ දෙකක් වාර්තා වීමත් සමග එම ප්‍රමාණය 16 ක් දක්වා ඉහළ ගොස් ඇත.
පසුගිය මස දී ඩෙංගු රෝගීන් 4506 ක් ජූනි මාසයේදී ඩෙංගු රෝගීන් 3319 ක්, මැයි මාසයේදී රෝගීන් 2647 ක්, අප්‍රේල් මාසයේදී රෝගීන් 2234 ක්, මාර්තු මාසයේදී රෝගින් 3615 ක්, පෙබරවාරි මාසෙයේදී රෝගීන් 6007 ක් සහ ජනවාරි මාසයේදී රෝගීන් 10417 ක් වාර්තා වී ඇත. ඩෙංගු රෝගය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස බල ප්‍රදේශ 21ක අධි අවදානම් මට්ටමින් පැතිර යන බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

