මෙට්‍රෝ බස් රථ පෞද්ගලික කටයුතු සඳහා වෙන්කරවා ගත හැකි බවට පැතිර යන තොරතුරු සාවද්‍ය බව ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම මහජනතාව වෙත දැනුම් දෙයි.
මෙට්‍රෝ බස් රථ පෞද්ගලික කටයුතු සඳහා කුලියට ලබාදීම හෝ වෙන්කරවා ගැනීම සඳහා කිසිදු පහසුකමක් සපයා නොමැති බවද එම සමාගම පවසයි.
මෙවැනි සාවද්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසත්, නිවැරදි හා නිල තොරතුරු සඳහා ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් නිල සන්නිවේදන මාධ්‍ය පමණක් අනුගමනය කරන ලෙසත් මහජනතාවගෙන් එම සමාගම ඉල්ලා සිටියි.
