ඉන්දියානු බල ශක්ති සමාගමක්වන පෙට්‍රොනෙට් එල්.එන්.ජි. (PetronetLNG) සමාගමේ නිලධාරීන් විසින් විදුලිබල මණ්ඩලයේ ද්‍රව ස්වභාවික වායු (LNG) අවශ්‍යතාව සැපිරිය හැකි කඩිනම් කෙටිකාලීන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් සැලසුමක් ඉදිරිපත් කර තිබේ.
විදුලිබලහා බලශක්ති අමාත්‍ය කාංචන විජෙසේකර මහතාට ඊයේ (21දා) අදාළ සැලස්මඉදිරිපත් කර තිබෙන අතර, මෙම අවස්ථාවටඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාද සහභාගි වී ඇත.
දිගුකාලීන ද්‍රව ස්වභාවික වායු(LNG) විදුලිඋත්පාදන අවශ්‍යතාව සම්පූර්ණ කරගන්නාතුරු විදුලිබල මණ්ඩලයට ඉදිරි මාස 24 වෙනුවෙන් මෙගාවොට් 600ක ධාරිතාවක් ද්‍රව ස්වභාවික වායු (LNG) මගින් ජනනය ආරම්භ කරමින් විදුලිබල උත්පාදන කිරීම මගින් වියදම අවම කර ගැනීම සිදුකළ හැකි බවද විදුලිබලහා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම සාකච්ඡාවට ඉන්දියනු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්, ඛණිජ තෙල් සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහපෙට්රෝනෙට් LNG සමාගමේ නිලධාරීන්ද සහභාගි විය.