මෙගාවොට් 10ක තවත් බැටරි බලශක්ති ගබඩා පහසුකමක් විවෘත කරයි
දකුණු පළාතේ ස්ථාපනය කරන ලද පළමු බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (Battery Energy Storage System - BESS) නිල වශයෙන් ජාතික විදුලි පද්ධතියට එක් කිරීම ඊයේ (20) ගාල්ල, බටදූවේදී වරාය හා සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනුලැබීය.
මෙගාවොට් 10ක (10 MW) ධාරිතාවකින්/ මෙගාවොට් පැය 40ක (40 MWh) ධාරිතා ගබඩා ප්‍රමාණයකින් යුත් මෙම පද්ධතිය සඳහා මහා පරිමාණ Lithium-iron (ලිතියම්-අයන්) සහ පොස්පරස් කන්ටේනර් වර්ගයේ (Containerized BESS) බැටරි පද්ධති තාක්ෂණය භාවිත කරයි.
මිලි තත්පර ගණනකින් (Milliseconds) ක්‍රියාත්මක වීමේ හැකියාව ඇති මෙම බැටරි පද්ධති ජාතික පද්ධතියේ කිසියම් බලාගාරයක් බිඳ වැටුණහොත් ක්ෂණිකව සංඛ්‍යාතය පාලනය කර විදුලිය විසන්ධි වීම (Blackout) වැළැක්වීමේ ශක්‍යතාවයකින් යුතුය.
සූර්ය සහ සුළං වැනි පුනර්ජනනීය බලශක්ති බලාගාර බහුලව පවතින ප්‍රදේශවල විදුලි රැහැන් පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා මෙම බැටරි පද්ධති සියල්ලම ඒ අසල ඇති උපපොළවල් (Grid Substations) 16ක් කේන්ද්‍ර කරගනිමින් ස්ථාපනය කරමින් ඇත.
මෙම අවස්ථාව සදහා ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා, බලශක්ති අමාත්‍යංශයේ ලේකම් රසල් අපොන්සු මහතා, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර මහතා ඇතුළු මහජන නියෝජිතයෝ සහ නිලධාරීහු රැසක් සහභාගී වූහ.
ලලිත් චාමින්ද සහ එස්.කේ.කලආරච්චි ගාල්ලl

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

