මූලික පුහුණුවේදී අතුරුදන් වූ ගුවන් හමුදා සෙබලා සොයා ගනියි
මොරවැව ගුවන් හමුදා කදවුරේ මූලික පුහුණුව හදාරමින් සිටියදි යුධ අභ්‍යාසයක යෙදි සිටියදි අතුරුදහන් වු ගුවන් භටයා ඊයේ (20) පස්වරුවේ කැලේ අතරමංව සිටියදි සොයාගත් බව ගුවන් හමුදාව කියයි.
මෙම ගුවන් භටයා කන්තලේ රක්ෂිතයේ පන්කුලම වැව් ඉස්මත්තේ අතරමංව සිටියදි සිදුකල මෙහෙයුමකදි මෙලෙස ගුවන් හමුදාව සොයාගෙන තිබේ.අදාල මෙහෙයුම සදහා යුධ හමුදා විශේෂ බලකායද එක්ව තිබුණි.
මෙලෙස අතුරුදහන්ව දිනකට පසු සොයාගනු ලැබුයේ ගාල්ල, වක්වැල්ල පදිංචි ගුවන් භට (51415) එම්.ඩී.කවිෂ (22) නැමැති අයෙකි.
ගුවන් භටයා සතුව ටි 56 ගිනි අවිය සමග පතුරම් රහිත මැගසීනය සුරක්ෂීතව තිබිනැයි ගුවන් හමුදාව කියයි. යුධ අභ්‍යාසයක් සදහා ඊයේ (19) කන්තලේ රක්ෂීතයට ගිය ගුවන් භටයන් අතරින් එක් ගුවන් භටයෙකු අතුරුදහන් විම සම්බන්ධයෙන් ගුවන් හමුදාව මොරවැව පොලිසියට ද පැමිණිලි කර රක්ෂිතයේ දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබුණි.
ත්‍රිකුණාමලය චමෝද්‍යා නේත්‍රාංජලි අමරජිව
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
