ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවූ සර්ව පාක්ෂික සමුළුවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා එක්වීම පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ඉමිතියාස් බාකර් මාකර් මහතා විවේචනාත්මකව අදහස් ප්රකාශ කළේය.මේ පිළිබඳව දෙරණ රූපවාහිනයේ අංශක 360 වැඩ සටහනට එක්වූ රනිල් වික්රමසිංහ මහතා පිළිතුරු ලබාදුන්නේය. පහතින් දැක්වෙන්නේ එම පිළිතුරයි.
“කොණ්ඩේ පීරලා එන්න. ෂර්ට් එක මැදලා නෑ. හරියට රැවුල බාලා නෑ. ඊට පස්සේ ඇවිල්ලා කථා කරන්න.
මන්ත්රීවරයෙක් ලෙස මට බැන්නට කමක් නෑ. ඒත් හොඳට එන්න ඕන නේද? මුළු පාර්ලිමේන්තුවේම තත්ත්වේ නැති වෙනවා මේකෙන්. මම මෙයා හොඳට දන්නවා. මමයි මෙයාව හැදුවේ දේශපාලනයට ගෙනල්ලා.
කොණ්ඩේ පීරන්න හොඳට, ෂර්ට් එක මදින්න. හොඳ අත්දෙක දිග ෂර්ට් එකක් අදින්න. රැවුල හරියට බාන්න. මූණ හෝදගෙන එන්න. එතකොට අපි කියන්නම්.”
