පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ අද (30දා) රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම නිසා අදාළ මුහුදු ප්‍රදේශයන් තුල ධීවර හා නාවික කටයුතුවල යෙදෙන ජනතාව විමසිලිමත් විය යුතු බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මෙම මුහුදු ප්‍රදේශ වල පැයට කිලෝමීටර 50, 60 පමණ වේගයෙන් සුළං ඇතිවිය හැකි බව ද ඔවුන් පවසයි.