පානදුර මුහුදු වෙරළේ දිය නෑමට ගොස් රළ පහරට හසුව ගසාගෙන යමින් සිටී අඹුසැමි යුවළක්, 13 හැවිරිදි ගැහැණු දරුවෙකු ඇතුළු සිව් දෙනෙකුගේ දිවි බේරාගැනීමට පානදුර පොලිස් ජීවිත ආරක්ෂක නිළධාරීන් අද පස්වරුවේ සමත්ව ඇතැයි පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
කළුතර දියගම ගල්පාත කනුව ප්‍රදේශයේ පදිංචි එගොඩ ගමගේ රවීන්ද්‍ර (35), නාහගල ගමගේ ජෙනට්ට්රි දිනූෂිකා උදයංගනී (29), නාහගල ගමගේ රොමේෂ් සදරුවන් (26) සහ නාහගල මගගේ මයුමි දිම්සරා (13) යන අයවලුන්ගේ දිවි මෙසේ බේරා ගෙන ඇතැයි සදහන් වේ.
මෙසේ රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අයවලුන් අතර , අඹුසැමි යුවළ සහ කාන්තාවගේ බාල සොහොයුරා සහ සොහොයුරියද වන බව පොලිසිය කීය.
පස්වරු 4.15 ට පමණ වෙරළට ආසන්න මුහුදේ දියනාමින් සිටියදී ක්ෂණික රළ පහරකට හසුව ගසාගෙන යාමේදී පොලිස් ජීවන ආරක්ෂක නිළධාරීන් වන 69951 පුෂ්පකුමාර , 33628 ලක්මාල් සහ 101557 ධනුක යන නිළධාරීන් ජීවිත ආරක්ෂක උපකරණ උපයෝගී දැඩි පරිශ්‍රමයක් දරා වෙරළට රැගෙනවිත් ඇත.
මුහුදු වතුර පෙවී සිටී සිව්දෙනා මුලික ප්‍රතිකාර ලබාදිමෙන් පසු 1990 සුවසැරියෙන් පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති බවත් එක් කාන්තාවකට වතුර වැඩි වශයෙන් පෙවී තිබූ බවත් පොලිසිය පවසයි.
මේ පිළිබඳ අදහස් දැක්වූ ඒ.ජී. රවීන්ද්‍ර මහතා. රළ පහරට හසු වෙලා මමයි බිරිදයි මුහුදට ගහගෙන ගියා. අපි ගොඩ එන්න ගොඩක් උත්සාහ කළා. අපි ඒ වෙලාවට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් ආවේ. ඒ අය නැත්නම් අපේ ජීවිතය අද ඉවරයි යනුවෙන් පැවසීය .
පානදුර සුමිත් පොතුපිටිය , බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ පානදුර සමන් කාරියවසම්