මුහුදුබඩ මාර්ගයේ කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය පාලමක් අබලන් වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇත.
මේ අනුව වැල්ලවත්ත හා කොළඹ කොටුව අතර පහළ මාර්ගය තාවකාලික වසා දැමීමට කටයුතු කරන නිසා අද දින සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 10ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය විසින් කටයුතු කොට ඇත.
මේ අනුව කොළඹ කොටුව හා වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර පිහිටි ද්විත්ව මාර්ගය තනි මාර්ගයක් ලෙස ධාවන කටයුතු සිදුවීමේන් මුහුදුබඩ මාර්ගයේ මෙන්ම මුහුදුබඩ මාර්ගයේ සිට ප්රධන මර්ගයේ සහ පුත්තලම් මාර්ගයේ ධාවනය වන දුම්රියන් ප්රමාද වීමේ හැකියාවක් නිර්මාණය වී තිබේ.මාර්ගය යලි සකස් කිරීමට දින 05 කට ආසන්න කාලයක් ගතවන බව වාර්තා වෙයි.