මුහුදු ජලයෙන් පහන් දැල්වන වට්ට්‍රාපලෙයි දේව මෙහෙය මෙවරත්
මුලතිව්හි ඓතිහාසික වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික දේව මංගල්‍ය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ සිට අද (06) අලුයම් කලය දක්වා උත්සාවාකාරයෙන් පැවත්වුණි.
විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් මුලතිව් මුල්ලියාවලෙයි කාට්ටා විනායගර් හිනිදු කෝවිල ඉදිරියෙන් ආරම්භ වන විශේෂ දේව මෙහෙයක් වූ මුහුදු ජලයෙන් පහන් දැල්වීමේ චාරිත්‍රය සිලාවත්ත මුහුදු තීරයේදී විශේෂ ස්ථානයකින් ලබාගන්නා මුහුදු ජලය භාවිතා කරමින් වට්ට්‍රාපලෙයි කොවිලේ ප්‍රධාන දේව ප්‍රතිමාව වූ කන්නගි දේවතාවගේ ඉදිරිපිට පිහිටි පහන් දැල්වීමෙන් පසුව වාර්ෂික අවසන් දේව මෙහෙයන් සිදුකරනු ලැබීය.
මුලතිව් වට්ට්‍රාපලෙයි කෝවිලේ වාර්ෂික දේව මෙයෙන් වෙනුවෙන් උතුරු පලාතේ මෙන්ම දිවයින් විවිධ පලතාවලින් සහ විදේශයන්හි සිටද බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වීම විශේෂත්වයක් වෙයි.
යුදසමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය පවාද වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිල ඉතා ආරක්ෂාකාරීව තබාගෙන ඇත්තේ එම සංවිධානයේද සියලු දේවමෙහෙයන් සිදුකිරීම හේතුවෙනි.
එමෙන් කොටි ත්‍රස්ත නායක වේලුපිල්ලේ ප්රභාකරන්ද මෙම කෝවිලේ සියලු දේව මෙහෙයන් සිදුකල බවටත් එවකට කොටි ත්‍රස්ත සංවිධානය විසින් අවසන් දේව මෙහෙයට ඔවුන්ගේ ගුවන් යානා මගින් මල් ඉසීම සිදුකල බවටද මුලතිව් වැසියන් පවසති.






popular news
-
අබිලින් Wednesday, 07 June 2023 01:32 AM
ඔය වතුර ගන්නවා කියන ස්ථානයේ බොරතෙල් තියෙනවාද කියලා පරීක්ෂා කරන්න එහෙම නැත්නම් වෙනත් උපක්‍රමයක් කරල තෙල් අරගෙන පූජාව කරනවා ඇති කොහොමද වතුරින් පහන් දල්වන්නෙ කියලා සොයන්න ඕන
Reply : 0 0
Kumar Wednesday, 07 June 2023 01:34 AM
muhudu wathuren pahan dulwanawa penwanney nadda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

