සිය ස්වාමිපුරුෂයා පානදුර මුහුදු වෙරලේ සිට වීඩියෝ දුරකථන ඇමතුමක් ගෙන මුහුදට පැන දිවි නසා ගන්නා බව දැන්වූ බවත්, වෙරලේ තිබී ඔහුගේ පාවහන් යුගලය හමුවූ බවත් සදහන් කරමින් එක්දරු මවක් කල පැමිණිල්ලක් අනුව පරීක්ෂණ කරන අතරතුර , අතුරුදහන්ව සිටී පුද්ගලයා නැවත නිවසට පැමිණි බව එම කාන්තාවම පොලිසියට දැනුම් දී ඇති පුවතක් පානදුර දකුණ පොලිසියෙන් වාර්තාවෙයි .
පසුගියදා (22) පස්වරුවේ හොරණ, පෝරුවදණ්ඩ ප්රදේශයේ පදිංචි කාන්තාවක පොලිසියට පැමිණිලි කර ඇත්තේ, සිය ස්වාමිපුරුෂයා අතුරුදන්ව ඇති බවත් , නිවසින් පැමිණ ඔහු පුද්ගලික බඩු බාහිරාදිය ප්රදේශයේ වෙළෙඳ සැලක තබා පානදුර මුහුදු වෙරළට පැමිණ වීඩියෝ දුරකථන ඇමතුමක් ලබාගෙන මුහුදට පැන දිවි නසාගන්නා බවයි.
ඒ අනුව ඔවුන් පානදුර මුහුදු වෙරලේ තිබී ඔහුගේ පාවහන් යුගලයද සොයාගත් බව සඳහන් කර ඇත.
පරීක්ෂණ ආරම්භ කළ පානදුර දකුණ පොලිසිය, පානදුර පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සහ නාවික හමුදා ජීවිත ආරක්ෂක නිලධාරීන් දැනුවත් කර මුහුදු වෙරළ නිරීෂණය කර තිබේ.
කෙසේ වුවද එදින රාත්රි යුවල නැවත පොලිසියට පැමිණ සදහන් කර ඇත්තේ, මිතුරන් සමඟ විනෝද ගමනක් ගොස් ඇති බවත් පවුලේ අයවලුන් නොමග යැවීම සදහා මෙසේ දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති බවත්ය.
ඒ අනුව පැමිණිල්ල ඉවත් කරගැනීමට අදාල කාන්තාව අවසර ඉල්ලා සිටීමෙන් පසු , පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා දැඩි ලෙස අවවාද කර යුවල පිටත්කර යවා ඇත.
පානදුර සුමිත් පොතුපිටිය