ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය මගින් කාන්තාවක් සේ රඟපාමින් පිරිමි පුද්ගලයින්ගේ මුදල් කොල්ල කෑ දෙදෙනෙකු යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට නෙල්ලිඅඩි පොලීසිය පවසයි.
ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් නෙල්ලිඅඩි පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අදාල සැකකරුවන් ඊයේ (30) දින අත්අඩංගුවට ගනු ලැබීය.
පැමිණිළිකරු පොලීසියට පවසා ඇත්තේ තමන් යාපනයට පැමිණ ඇත්තේ ෆෙස්බුක් මගින් හඳුනාගත් තරුණිය හමුවීම සඳහාය. ඒහිදී ඒකවරම පැමිණි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු තමන්ට ආයුධ පෙන්වා මුදල් , ජංගම දුරකතන ආදි සියල්ලක්ම කොල්ල කා පලා ගිය බවටය.
පසුව පැමිණිළිකරු විසින් ලබාදුන් තොරතුරු වලට අනුව ක්‍රියාත්මක වූ නෙල්ලිඅඩං පොලිස් නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගත් අතර සැකකරුවන් කොල්ලකන ලද මුදල් සහ ජංගම දුරකතන කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇත.
ඒහිදී සිදුකරන ලද පරික්ෂණ වලදී හෙලි වී ඇත්තේ අදාල සැකකරුවන් විසින් මීට පෙරද අවස්ථා රැසකදී සමාජ මාධ්‍ය මගින් කාන්තාවන් ලෙස වෙස්වලා පිරිමි පුද්ගලයින් යාපයට ගෙන්වා ආයුධ පෙන්වා ඔවුන් සතුව ඇති සියලු දෑ කොල්ල කා පයා යන බවටය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද නෙල්ලිඅඩි පෙලීසිය වැඩිදුරටත් පැවසීය.