මුල මාස නවය තුළ රිය අනතුරු 18394 කින් 1774 ක් මිය ගිහින්
මෙම වසරේ පසුගිය මුල් මාස නවය තුළ පමණක් සිදුවූ රිය අනතුරු 18394 කින් පුද්ගලයන් 1774 දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් රථවාහන මූලස්ථානය කියයි.
මෙම රිය අනතුරුවලින් 1697 ක් මාරක රිය අනතුරු වේ.එයින් පිරිමි 1423 ක් හා ගැහැණු 351 ක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.බරපතල අනතුරු 5049 ක් සුළු අනතුරු 7460 ක් අලාභ අනතුරු 4188 ක් වශයෙන් ඉතිරි අනතුරු සිදුවී තිබේ.
මෙම අනතුරුවලින් වැඩිපුරම මියගොස් ඇත්තේ පදිකයින් වන අතර එම ප්රමාණය 636 කි.එමෙන්ම යතුරුපැදිකරුවන් 536 ක් ,පසු පැදිකරුවන් 121 ක්,පාපැදිකරුවන් 116 ක් ,රියදුරන් 125 ක් ,මගීන් 236 ක් සහ වෙනත් පුද්ගලයින් 04 ක් මෙම රිය අනතුරුවලින් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
මෙයින් රිය අනතුරු 580 ක් බීමත් රියදුරන්ගේ වරදින් සිදුව ඇත.එදිනෙදා පස්වරු 4.00 -8.00 කාලය තුළ රිය අනතුරු වැඩිපුර සිදුවී ඇතැයිද රථවාහන පොලිසිය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
