පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වත්කම් විගණනය කරන්නේ නම් එය පළමුව තමාගෙන් ආරම්භ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ ඉල්ලා සිටියි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කරනුයේ පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාට අමතරව හිටපු සහ මේ වනවිටත් සිටින සියළුම පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මෙන්ම රජයේ ඉහළ නිලධාරීන්ගේද වත්කම් විගණනයක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් පවතින බවයි.