ලබන ජූලි ,අගෝස්තු වෙනකොට මහ මැතිවරණය හා ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් පළමුව පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනපතිවරණයන බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවැසීය.
පොලොන්නරුවේ පැවැති ක්‍රීඩා උත්සවයකදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"ලබන ජූලි ,අගෝස්තු වෙනකොට මහ මැතිවරණය හා ජනාධිපතිවරණය පැවැත්වෙන්න ඕන.ඉස්සෙල්ලා තියෙන්න තියෙන්නෙ ජනාධිපතිවරණය .ඊට පස්සෙ තමයි මහ මැතිවරණය තියෙන්නෙ තියෙන්නෙ.ඒ නිසා ජිල් මාට් දාන්නෙ නැතුව ජනතාවගෙ පරමාධිපත්‍ය වන චන්දය නියම වෙලාවට තියන්න කියලා කියනවා.
රටට ආයෝජන අවශ්‍යයි.ඔවුන් මොන රටේද කියන නෙමෙයි වැදගත්වෙන්නෙ.ඒ නිසා රටට වැදගත් ආයෝජන අවශ්‍යයි රටක් ගොඩ ගන්න.නමුත් ඒ ආයෝජන ලබා දෙනකොට ටෙන්ඩර් ක්‍රමයකට ලබා දෙන්න ඕන.එක එක්කෙනා තෝරාගෙන ආයෝජන දුන්නහම තමයි දූෂණ සිදුවෙන්නෙ.
මේ වනවිට මේ රටේ ජනතාව විශාල විදුලි බිලක් ගෙවන්න වෙලා තියෙනවා.දකුණු ආසියාවේ වැඩිමි විදුලි බිල ගෙවන ජනතාව ඉන්න රට බවට අපේ රට පත්වෙලා තියෙනවා.බිස්නස් ඩීල් ගහලා අවුරුදු 45ක් ජනතාව මත බර පටවපු එකයි 77 න් පස්සෙ සිදු උනේ.තෙල් මිළදී ගත්තත් සෘජුව නෙමෙයි මිලදී ගන්නෙ තෙවෙනි පාර්ශවයකින් ඒ තුල විශාල කොමිස් ලැබෙනවා.
දවල් මිගෙල් රෑ ඩැනියෙල් ප්රතිපත්තියකින් රටක් කරන්න බෑ.කියන දේ කරන්න ඕන.කරන දේ කියන්න ඕන.
මේ රට ගොඩ නගන්න නම් දූෂණය නවත්වන්න ඕන.මේ රට වැටුනෙ දූෂණය නිසා .ඒ නිසා දූෂණය නැවැත්තුවොත් රට ගොඩ නගන්න පුලුවන්.මහජනතාවට ප්‍රශ්නෙ දාලා වැඩක් නෑ."