මෙම වසරේ මුල් මාස 09 නිමා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 2040 (ට්‍රිලියන 2) සීමාව ඉක්මවා තිබේ. 2025දී අනුරූප කාල සීමාවේ වාර්තා වූ රුපියල් බිලියන 1,642ක ආදායමට සාපේක්ෂව මෙය රුපියල් බිලියන 398ක වැඩිවීමකි.
මේ වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ආදායම් ඉලක්කය (ඇස්තමේන්තුව) රුපියල් බිලියන 2,401කි. සැප්තැම්බර් 30 වැනිදා වන විට එම වාර්ෂික ඇස්තමේන්තුවෙන් 85%ක් සපුරා ගැනීමට දෙපාර්තමේන්තුව මේ වන විටත් සමත්ව ඇත.
2026 සැප්තැම්බර් මාසය තුළ පමණක් රුපියල් බිලියන 288ක ආදායමක් රැස්කරගෙන තිබේ. 2025 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ රුපියල් බිලියන 216ක ආදායමට සාපේක්ෂව එය රුපියල් බිලියන 72ක වර්ධනයක් පෙන්නුම් කරයි.