ඉකුත් වර්ෂයේ (2025) ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා වු මාස 11ක කාලය තුලදි රථවාහන ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 1746ක මුදලක් වැයවි ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව පවසයි.
පුද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සදහා යොදාගනු ලබන වාහන ආනයනය කිරිම සදහා නොවැම්බර් මාසය තුල වැයකොට ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 281කි.
කෙසේවුවද අඛණ්ඩ විදේශ ණය සේවා සේවාකරණ ගෙවිම් මධ්‍යයේ වුවද ඉකුත් වර්ෂයේ නොවැම්බර් මසාය අවසන්වනවිට චින මහජන බැංකුව සමග වු විදේශ විනිමය හුවමාරු පහසුකමද ඇතුළුව දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.0ක පමණ මට්ටමක පැවති බවද මහබැංකුව පෙන්වාදෙයි.
කෙසේවුවද 2025 වර්ෂයේ දි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රිලංකා රුපියල 5.6කින් අවප්‍රමාණය වි තිබුණි.