මුල් මාස හයට ඩොලර් මිලියන 6463ක විදේශ විනිමය ඇවිත්
මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ජූනි මස 3 දක්වා මාස 06 ක කාලයෙහිදී මෙරටට ලැබුණු සමස්ත විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 6463 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අගෝස්තු මස 02 වන දින නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්වා දේ. එම කාලයෙහි සංචාරක කර්මාන්තයෙන් හැර සේවා අංශ වෙත වූ ලැබීම් ඇමරිකන් ඩොලර් මිලියන 1,762, බවද එම මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.
විදේශ රැකියා ලාභීන්ගේ ප්‍රේෂණ එම කාලයෙහි දී ඇමරිකන් ඩොලර් මිලියන 3,144 ක් දක්වා ඉහළ නැඟ ඇති බව මහ බැංකු වාර්තාවේ පෙන්වා දේ. එසේම සංචාරකයන්ගේ එම මාස 6 ක කාලයෙහි දී උපයාගත් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,557 ක් ලෙස දැක්වේ. මෙම අගය පිළිවෙළින් 2023 වසරේ මුල් මාස 06 ට අදාළව මෙසේය.
සේවා අංශය වෙත වූ ලැබීම් ඇමරිකන් ඩොලර් මිලියන 1561 කි. විදෙස් ප්රේක්ෂණ ඇමරිකන් ඩොලර් මිලියන 2,823 ක් හා සංචාරක ඉපයීම් ඇමරිකන් ඩොලර් මිලියන 875 කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
