මුල්ලිවයික්කාල් සැමරුම පැවැත්වෙයි
යුද්දයේදී මිය ගිය වැසියන් සහිකොට වාර්ෂිකව සිදු කෙරෙන යුද අනුස්මරණ උත්සවය දැඩි පොලිස් ආරක්ෂාවක් හමුවේ මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු තීරයේ පිහිටි ස්මාර්කය ඉදිරිපිටදී සිදු විය.
ගෙවුණු වසර වලදී මුල්ලිවයික්කාල් යුද සැමරුම් දෙමළ ජාතික සන්ධානයේද සහභාගීත්වයෙන් කිසිදු ආරක්ෂක අංශ සහභාගීත්වයකින් තොරව සිදු නොකොට ඉහලින් සැමරුවද ඊයේ (18) දින පැවති යුද සැමරුම ඊට වෙනස් වෙමින් යුද සැමරුම සිදුවූවේ පූරණ පොලිස් ආරක්ෂාවක් හමුවේ වීම විශේෂත්වයක් විය.
පසුගිය දිනයන්හි ඇති වූ බෝම්බ පිපුරුම් අනාරක්ෂිත තත්වය හේතුකොට ගෙන මුල්ලි වයික්කාල් යුද සැමරුම වෙනුවෙන් ආරක්ෂාවක් ලබා ගැනීමට සිදු වූ බවටත් මෙවර යුද අනුස්මරණ සැමරුම වෙනුවෙන් ප්‍රදේශවාසි සාමාන්‍ය වැසියන් පමණක් සහභාගී වූ බවට මුල්ලිවයික්කාල් යුද සැමරුමේ සංවිධායකයක කමිටුව පැවසීය.
මුල්ලි වයික්කාල් යුද අනුස්මරණ සැමරුම් අවස්ථාව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, ශිවසක්ති ආනන්දන් මහතා, එස්. සිවමෝහන් හා හිටපු පළාත්සභා ප්‍රධාන අමාත්‍ය සී.වි. විග්නේශ්වරන් හිටපු පළාත්සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම්, හිටපු මන්ත්‍රී සුරේස් ප්‍රේමචන්ද්‍රන් ඇතුලු පිරිසක් සහභාගී වී සිටි අතර යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක්ද සහභාගී වී සිටියහ.














popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

