මුලතිව් ගුරුකන්ද විහාරයේ CCTV සවිකිරීමට මුලතිව් පොලීසියෙන් බාධා
මුලතිව්,නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් විහාරාධිපති පුජ්‍ය මිහිදුපුර රතනදේවකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරයේ ආවාස ගෙය ඇතුළු විහාර සිමාවේ සි.සි.ටිවි කැමරා අද (16) දින සවිකිරීමේදී මුලතිව් පොලිස් නිලධාරීන් පැමිණ එලෙස කැමරා සවි කළ නොහැකි බවට පවසා කැමරා ගලවාදමන ලෙසට නියෝග කළ බව විහාරස්ථානයේ තාවකාලික භාරකරු වූ කැලුම් බංඩාර පවසයි.
එහිදි තාවකාලික භාරකරු වූ කැලුම් බංඩාර පවසා සිටියේ ලොකු හාමුදුරුවෝ පිරිවෙනේ වැඩකටයුක්තකට වැඩම කරලා ඉන්න හින්දා මම තමයි විහාරය තාවකාලිකව බලා ගන්නේ. අපි කැමරා හයි කරමින් ඉන්නකොට මුලතිව් පොලීසියේ කට්ටියක් ආවා. ඇවිල්ලා කිව්වා පන්සලේ සිසිටිවි කැමරා හයි කරන්න බෑ කියලා. වහාම හයි කරපුවා ගලවන්න කියලා. මට කිව්වා ඔයා පන්සල බලාගන්නවානම් ඇවිල්ලා බලලා විතරක් යන්න කියලා දැන් විහාරයේ හයි කරපු කැමරා ටික ගලවලා තියෙන්නේ යනුවෙනි.
සිද්ධිය සම්බන්ධයෙන් විහාරස්ථ දායක සභාව ලේකම් මානෙල් කරුණාරත්න මහතා පවසා සිටියේ තමන්ටද පන්සල් භූමියේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන් දුරකතන ඇමතුමක් ලබා දී විහාරයේ සි.සි.ටිවි කැමරා ගලවා දැමීමට කටයුතු කරන ලෙසටත් එය අධිකරණ නියෝගයක් බවටත් පැවසු බවත්ය.
නමුත් ගුරුකන්ද විහාරයේ සියලු නඩු වව්නියාව මහාධිකරණයෙන් අවසන් කිරිමත් සමග කුමන අධිකරණ නියෝගයක් යටතේ සී.සී.ටිවි ඉවත් කිරීමට පොලීසියෙන් නියෝග කර සිටින්නේද යන්න තමන් නොදන්නා බවත් මීට පෙරද පන්සල් භූමියේ සී.සී.ටිවි සවි කළ අවස්ථාවේදී ගලවා දැමුණු අතර පන්සල් භූමිය තුළ සිදුවන සත්‍ය රටට පෙන්වීම සඳහා පන්සල් ආවාසය තුළ සී.සී.ටිවි සවි කල අවස්ථාවේදී මෙලෙසින් ඉවත් කිරිමට පොලීසිය කටයුතු කිරිම දැඩි අසාධාරණයක් මෙන්ම කනගාටුවට කරුණක් බවටත්ය.

popular news
-
Champa Thursday, 17 October 2019 07:32 AM
එහෙම කොහොමද පොලිසිය CCTV කැමරා හයි කරන්න එපා කියන්නේ? ඇයි මොකොද උතුරේ තියෙන්නේ LTTE පොලිසිද තාම උතුරේ බෞද්ධ පන්සල් වලට කැලා නීති දාන්නේ? කෝ ආරක්ෂක ඇමති නිදිද? එක ජනාධිපති අපේක්ෂකයෙක් කතා කරන්නේ නැහැ ගුරුකන්දේ විහාරේ ගැන ඇයි දෙමල චන්ද නැතිවෙයි කියල. ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකයෝ දෙන්න බෞද්ධ නෙමෙයි සර්ව ආගමික. රටේ ජනාධිපති වෙන්න ඕනේ තමන් සිංහල බෞද්ධයෙක් කියල කියන්න කොන්ද පන තියෙන මිනිහෙක්. එහම නැති හින්දයි මේ විදහට උතුරේ පන්සල් වලට හිරිහැර කරන්නේ. අනික උතරේ අධිකරණ තාම LTTE ද? CCTV කැමරා ගලවන්න කියන්න කිසිම අධිකරණයකට අයිතියක් නැහැ. මොන නීතියක් යටතේද එහම කියන්නේ? එහෙම අධිකරණ කියල තියෙනව නම් ඒක පන්සලට විරුද්ධව අපරාධයක් කරන්න උඩගෙඩි දීමක් සහ එහම කරන අපරාධකාරයන් ආරක්ෂ කිරීමක්. මේ පන්සල ලඟට නිත්‍ය හමුදා මුර පොලක් දාන්න ඕනේ. එහෙම කරන්න කොන්දක් නැහැ සිංහල දේශපාලකයන්ට. චන්දෙ දෙන්න කිසි කෙනකේ නැහැ කියලා මිනිස්සු කියන කතාව ඇත්ත.
Reply : 0 0
Deepal Nirosh Thursday, 17 October 2019 08:48 AM
අනේ මන්ද මේ පොලිසියට පොලිස්පති කෙනෙක් නැතුව ද නැත්නම් ඉන්න පොලිස්පති මෙදා පාර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනව ද? හැබැයි වත්මන් ජනාධිපතිතුමාට නම් ජනාධිපතිවරණයට නාම යෝජනා භාර නොදුන් නිසා මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න පුළුවන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

