මුලතිව් නට්ටාන්කණ්ඩල් පොලිස් වසමේ සිරාට්ටිකුලම් ප්රදේශයේ කැලෑවක ඊයේ (09දා) සිදු වූ පිපිරීමටකට හසුවු පුද්ගලයෙකු බරපතල තුවාල ලබා මල්ලාවි රෝහලට රැගෙන යාමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලීසිය පැවසීය.
මෙම පුද්ගලයා කැලෑවට ගිය හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම පුපුරා ගොස් ඇත්තේ බෝම්බයක්ද යන්න පිළිබඳව සෙවීමේ පරික්ෂණ කටයුතු අද (10දා) සිදුකරන බවටද නාට්ටාන්කණ්ඩල් පොලීසිය පැවසීය.
මෙලෙස පිපිරීමකට ලක්ව මිය ගොස් ඇත්තේ නට්ටාන්කණ්ඩල් උලවනේරි ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි ධර්මලිංගම් ඉලංකෝ නැමති අයෙකු වන අතර මරණය සම්බන්ධයෙන් නට්ටාන්කණ්ඩල් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.