මුන්දලම පොලිස් වසමේ නවදන්කුලම ප්ර දේශයේදී හලාවත දෙස සිට පුත්තලම දෙසට ධාවනය වූ කාර් රථයක් ඊට ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක මුහුණට මුහුණ ගැටි අනතුරක් සිදුව ඇත.
අනතුරින් කාර් රථයේ ගමන් ගත් රියදුරු හා කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා මුන්දලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.
මරරණකරුලන් අවුරුදු 26, 58 හා 84 වයස්වල පසුවන කුරණ හා ජා ඇළ ප්ර දේශවල පදිංචිකරුවන් වෙයි. මෘත ශරීර මුන්දලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. කාර් රථයේ ගමන් ගත් තවත් පුද්ගලයෙකූ, වෑන් රථයේ රියදුරා හා එහි ගමන් කළ දෙදෙනෙක් ප්රතිකාර සඳහා මුන්දලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා පුත්තලම රෝහලට මාරු කර යවා තිබේ.
