අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට එරෙහිව නීතිපතිව ඉදිරිපත් කළ අභියාචනය අප්‍රේල් මස 03 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
ඒ එම අභියාචනය අද (27) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
මහාධිකරණ විනිසුරුවරයා අද දින නිවාඩු ලබා සිටින හෙයින් අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අප්‍රේල් මස 03 වනදා දක්වා මෙසේ කල් දමා තිබේ.්
අද පෙත්සම කැඳවූ අවස්ථාවේ දී වගඋත්තරකාර වසන්ත මුදලිගේ ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සිටි වසන්ත මුදලිගේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් නිදහස් කර තිබුණි.
එසේ නිදහස් කිරීමකොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ගත් තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට එය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් එම අභියාචනය කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබේ.