දෛනික අවශ්‍යතා අනුව භාණ්ඩ මිලදී ගැනීමේදී හා විවිධ ගනුදෙනු සඳහා මුදල් පරිහරණය කිරීමේදී එම මුදල් ව්‍යාජ මුදල් නෝට්ටුද යන්න පිළිබඳව සුපරික්ෂාකාරිව හා අවධානයෙන් යුතුව තහවුරු කර ගන්නා ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.
මුදල් නෝට්ටු ව්‍යාජ නොවන බවට තහවුරු කර ගැනීමෙන් පසුව මුදල් නෝට්ටු පරිහරණය කිරීමටත් එවැනි ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබා ගැන්නා හෝ ගනුදෙනු කරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලද වහාම ශ්‍රී ලංකා පොලීසිය දැනුවත් කරන ලෙසත් පොලීසිය පවසයි.
මේ අතර ඊයේ සවස් කාලයේදී හබරණ නගරයේදී ව්‍යාජ රු. 5000 මුදල් නෝට්ටු දෙකක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් සිදුකළ වැඩිදුර විමර්ශනදී තවත් ව්‍යාජ රු 5000 නෝට්ටු දෙක බැගින් ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
තවදුරටත් සිදු කළ විමර්ශනවලදී ව්‍යාජ රු 5000 නෝට්ටු මුද්‍රණය කරන ලද සැකකරුවෙක් එවැනි නෝට්ටු 138ක් සමග මුද්‍රණයට යොදා ගන්නා උපකරණද සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.